Nokia C100 user guide

Skip to main content
All Devices

Nokia C100

බැටරිය සහ ආරෝපක තොරතුරු

බැටරි සහ ආරෝපක තොරතුරු

ඔබගේ දුරකථනයේ ඉවත් කළ හැකි හෝ ඉවත් කළ නොහැකි බැටරියක් පවතීදැයි පරීක්ෂා කිරීමට, මුද්‍රිත මාර්ගෝපදේශය බලන්න.

ඉවත් කළ හැකි බැටරියක් ඇති උපාංග ඔබගේ උපාංගය මුල් නැවත ආරෝපණ කළ හැකි බැටරියක් සමග පමණක් භාවිත කරන්න. බැටරියක් වාර සිය ගණනක් ආරෝපණ කිරීමට හා බැසීමට හැකිය, එහෙත්, අවසාන වශයෙන් එහි ක්‍රියාක්මක භාවය අඩු වෙයි. සාමාන්‍ය අවස්ථාවලට වඩා කථන වේලාව සහ පොරොත්තු වේලාව අඩු නම් බැටරිය මාරු කරන්න.

ඉවත් කළ නොහැකි බැටරියක් සහිත උපාංග උපාංගයට හානි පැමිණිය හැකි බැවින්, උපාංගයෙන් බැටරිය ඉවත් කිරීමට උත්සාහ නොකරන්න. බැටරියක් වාර සිය ගණනක් ආරෝපණ කිරීමට හා බැසීමට හැකිය, එහෙත්, අවසාන වශයෙන් එහි ක්‍රියාක්මක භාවය අඩු වෙයි. කථන හා සූදානම් කාලය සාමාන්‍ය අවස්ථාවට වඩා සැලකිය යුතු අන්දමින් අඩු වන විට බැටරිය ප්‍රතිස්ථාපන කිරීමට, උපාංගය ළඟම පිහිටි බලය ලත් සේවා පහසුකම වෙත ගෙන යන්න.

ඔබගේ උපාංගය අනුකූල ආරෝපකයකින් ආරෝපණ කරන්න. ආරෝපක පේනු ආකාරය වෙනස් විය හැකිය. උපාංගයේ හැකියාව අනුව ආරෝපණ කාලය වෙනස් විය හැක.

බැටරිය සහ ආරෝපකයේ ආරක්ෂක තොරතුරු

ඔබගේ උපාංගය ආරෝපණය සම්පූර්ණ වූ පසු, ආරෝපකය උපාංගයෙන් සහ විද්‍යුත් පිටමුවෙන් ගලවා ඉවත් කරන්න. අඛණ්ඩ ආරෝපණය පැය 12 නොඉක්ම විය යුතු බව කරුණාවෙන් සලකන්න. භාවිතා නොකර පැවතියේ නම්, සම්පූර්ණයෙන්ම ආරෝපිත බැටරියක ආරෝපණය කාලයත් සමග නැති වෙයි.

අධික උෂ්ණත්ව බැටරියේ ධාරිතාව හා ආයු කාලය අඩු කරයි. ප්‍රශස්ත කාර්ය සාධනය සඳහා සෑම විටකම බැටරිය 15°C සහ 25°C (59°F සහ 77°F) අතර තබා ගන්න. උණුසුම් හෝ සිසිල් බැටරියක් සහිත උපකරණයක් තාවකාලිකව ක්‍රියා නොකරයි. සිසිල් උෂ්ණත්වවලදී බැටරිය ඉක්මණින් බැස යාමට හැකි බවත් දුරකථනය මිනිත්තු ගණනක දී අක්‍රීය වන පරිදි ප්‍රමාණවත් බලයක් නොමැති වීමටත් ඉඩ ඇති බව සලකන්න. සිසිල් උෂ්ණත්වවලදී ඔබ එළිමහනේ සිටින්නේ නම්, ඔබගේ දුරකථනය උණුසුම්ව පවත්වා ගන්න.

දේශීය නියාමනවලට ගරු කරන්න. හැකි විට ප්‍රතිචක්‍රීයකරණය කරන්න. ගෘහ අපද්‍රව්‍ය ලෙස බැහැර නොකරන්න.

එමගින් බැටරිය පුපුරා යාමට හෝ දැවෙන සුළු ද්‍රව හෝ වායුව කාන්දු වීමට ඉඩ ඇති බැවින් බැටරිය අතිශය අඩු වායු පීඩනයකට නිරාවරණ කිරිම හෝ එය ඉතා අධික උෂ්ණත්වයකට ලක් කිරීම, උදාහරණයක් ලෙස එය ගින්නකට දැමීම නොකරන්න.

කිසිදු ආකාරයකින් බැටරියක කැබලි වෙන් කිරීම, කැපීම, ‍ඇඹරීම, නැවීම, සිදුරු කිරීම, එසේ නැතහොත් හානි කිරීම සිදු නොකරන්න. බැටරියක් කාන්දු වේ නම්, ද්‍රාවණයට සම හෝ ඇස් මත ස්පර්ශ වීමට ඉඩ නොදෙන්න. මෙසේ සිදු වුවහොත්, ආසාදිත ප්‍රදේශ වහාම ජලයෙන් සෝදන්න, හෝ වෛද්‍යාධාර ලබා දෙන්න. බැටරිය නවීකරණය කිරීම, ඇතුළට බාහිර ද්‍රව්‍ය ඇතුල් කිරීමට උත්සාහ කිරීම, හෝ එය ජලයෙහි හෝ වෙනත් ද්‍රාවණයක ගිල්වීම හෝ නිරාවරණය කිරීම නොකරන්න. හානි වුවහොත් බැටරි පිපිරිය හැකිය.

බැටරිය සහ ආරෝපකය ඒවායින් අපේක්ෂිත කාර්යයන් සඳහා පමණක්ම භාවිතා කරන්න. අනිසි ලෙස භාවිතා කිරීම, අනුමත නොකළ හෝ අනුකූල නොවන බැටරි හෝ ආරෝපක භාවිතා කිරීමෙන් ගින්න, පිපිරීම, හෝ වෙනත් ආකාරයක ව්‍යවසනයක් ඇති වීමේ අවදානමක් තිබෙන අතර, ඉන් කිසියම් අනුමත කිරීමක් හෝ වගකීමේ සහතිකයක් ‍අවලංගු විය හැකිය. බැටරිය හෝ ආරෝපකය හානියට පත්ව ඇති බව ඔබ විශ්වාස කරන්නෙහි නම්, එය භාවිතය දිගටම කරගෙන යාමට පෙරාතුව එය සේවා මධ්‍යස්ථානයක් හෝ ඔබගේ දුරකථන වෙළෙන්දා වෙත රැගෙන යන්න. කිසි විටකත් හානි සිදු වී ඇති බැටරියක් හෝ ආරෝපකයක් භාවිතා නොකරන්න. ආරෝපකය ගෘහස්ථව පමණක් භාවිත කරන්න. අකුණු කුණාටුවක් අතරතුර කිසිවිටෙක ඔබේ උපාංගය ආරෝපණය නොකරන්න. අලෙවිකරණ ඇසුරුමේ ආරෝපකය අඩංගු නොවන විට, දත්ත රැහැන (ඇතුළත් වේ) සහ USB බලය ඇඩැප්ටරය (වෙනම අලෙවි කිරීමට ඉඩ ඇත) සමගින් ඔබගේ උපාංගය ආරෝපණ කරන්න. ඔබට USB 2.0 හෝ ඉන්පසු ඒවාට සහ අදාළ රටේ රෙගුලාසි සහ අන්තර්ජාතික සහ කලාපීය ආරක්ෂක ප්‍රමිති සමග අනුකූල තෙවන පාර්ශ්ව රැහැන් සහ බල ඇඩැප්ටර් මගින් ඔබගේ උපාංගය ආරෝපණය කළ හැකිය. වෙනත් ඇඩැප්ටර් අදාළ ආරක්ෂක ප්‍රමිති සංතෘප්ත නොකිරීමට ඉඩ ඇති අතර, එවැනි ඇඩැප්ටර් මගින් ආරෝපණ කිරීම දේපළ අහිමි වීමේ හෝ පුද්ගල තුවාල ඇති වීමේ අවදානමකට ලක් කළ හැක.

ආරෝපකයක් හෝ අමතර කොටසක් පේනුවෙන් ඉවත් කිරීමට පේනුවෙන් අල්ලා අදින්න, රැහැනෙන් නොඅදින්න.

අතිරේක වශයෙන්, ඔබගේ උපාංගයේ ඉවත් කළ හැකි බැටරියක් තිබේ නම්, පහත සඳහන් දේ අදාළ වේ:

  • සැම විටම ආවරණ කිසිවක් හෝ බැටරිය ඉවත් කිරීමට පෙර උපාංගය අක්‍රිය කර ආරෝපකය පේනුවෙන් ඉවත් කරන්න.
  • බැටරියේ ලෝහ පටිති ලෝහ කැබැල්ලක ස්පර්ශ වන විට හදිසි ලුහුවත් වීම් ඇති විය හැකිය. මෙය බැටරිය හෝ අනෙකුත් වස්තුවලට හානි සිදු කළ හැකිය.
Did you find this helpful?
  • ඔබගේ දුරකථනය යාවත්කාලීනව තබාගන්න
  • Keys and parts
  • Insert the SIM and memory cards
  • ඔබගේ දුරකථනය ආරෝපණ කරන්න
  • ඔබගේ දුරකථනය සක්‍රීය කර සකස් කරන්න
  • ස්පර්ශ තිරය භාවිත කරන්න
නිෂ්පාදන සහ ආරක්ෂණ තොරතුරු

Useful Links

PDFSoftware Updates

Countries and Languages

As we offer product user guides in many languages across different regions, you may be redirected to a Nokia phones web page outside of your selected location.

Countries and Languages

Choose Language

Contact the support team

Chat with us

Before starting chat with our customer support, please leave your contact details. Contact our chat support for online purchases support, product information, warranty support.

Start chat

Chat with us

Before starting chat with our customer support, please leave your contact details. Contact our chat support for online purchases support, product information, warranty support.

Fields marked with an asterisk are mandatory.

Your personal data will be processed according to HMD Global’s Privacy Policy and the HMD Support Supplement.

Email us

Tell us about your problem and we'll get back to you via email.

Contact us

Care centers

Prefer to bring your device in for our experts to have a look at? Find the location of your nearest Nokia & HMD phones, tablets and accessories care center.

Find a care center near you