ස්පර්ශ තිරය භාවිත කරන්න වැදගත් : ස්පර්ශ තිරය සීරීමෙන් වළකින්න. ස්පර්ශ තිරය මත කිසි විටෙක සැබෑ පෑනක්, පැන්සලක්, හෝ වෙනත් තියුණු වස්තුවක් භාවිත නොකරන්න.
අයිතමයක් ඇදගෙන ඒමට තට්ටු කර අල්ලා සිටින්න
ඔබගේ ඇඟිල්ල අයිතමයක් මත තත්පර දෙකක් තබාගෙන, ඔබගේ ඇඟිල්ල තිරය හරහා ලෙස්සා යවන්න.
ස්වයිප් කරන්න
ඔබගේ ඇඟිල්ල තිරය මත තබාගෙන, ඔබට අවශ්‍ය දිසාවට ඔබගේ ඇඟිල්ල ලිස්සා යවන්න.
දිගු ලැයිස්තුවක් හෝ මෙනුව ඔස්සේ අනුචලන කරන්න
ඔබගේ ඇඟිල්ල ක්ෂණික චලනයකින් යුක්තව තිරය මත ඉහළට හෝ පහළට ලෙස්සා යවා, ඔබගේ ඇඟිල්ල ඔසවන්න. අනුචලන කිරීම නවතා ලීමට, තිරය මත තට්ටු කරන්න.
තුළු හෝ බිහි සූමකරණ කරන්න
සිතියමක්, ඡායාරූපයක්, හෝ වෙබ් පිටුවක් වැනි අයිතමයක් මත ඇඟිලි 2 ක් තබා, ඔබගේ ඇඟිලි දෙපසට හෝ එකිනෙක දෙසට ලිස්සා යවන්න.
තිර දිශානතිය අගුලු ලන්න ඔබ අංශක 90 කින් දුරකථනය හරවන විට තිරය ස්වයංක්‍රීයව කරකැවේ.
සිතුවම් ප්‍රකාරය තුළ තිරය අගුලු ලෑමට, තිරයේ ඉහළ සිට පහළට ස්වයිප් කර, ස්වයං හැරවීම > අක්‍රිය කරන්න තට්ටු කරන්න.
අභිනයවලින් යාත්‍රණ කරන්න
අභින යාත්‍රණය සක්‍රීය කිරීම සඳහා, සැකසුම් > පද්ධතිය > අභින > පද්ධති යාත්‍රණය > අභින යාත්‍රණය තට්ටු කරන්න.
මුල් තිරය මත ඔබේ සියලුම යෙදුම් බැලීමට, තිරය මත ඉහළට ස්වයිප් කරන්න. මුල් තිරය වෙත යාමට, තිරයේ පතුලේ සිට ඉහළට ස්වයිප් කරන්න. ඔබ රැඳී සිටි යෙදුම පසුබිමෙහි විවෘතව තිබේ. ඔබ විසින් විවෘත කර ඇති යෙදුම් මොනවාදැයි බැලීමට, ඔබ යෙදුම දකින තුරු ඔබගේ ඇඟිල්ල නිදහස් කිරීමෙන් තොරව තිරයේ පතුලේ සිට ඉහළට ස්වයිප් කර ඉන්පසු ඔබගේ ඇඟිල්ල මුදාහරින්න. වෙනත් විවෘත යෙදුමකට මාරු වීමට, යෙදුම තට්ටු කරන්න. සියලුම විවෘත යෙදුම් වැසීමට, සියලුම යෙදුම් දකුණට ස්වයිප් කර සියල්ල හිස් කරන්න තට්ටු කරන්න. ඔබ කලින් සිටි තිරය වෙත ආපසු යාමට, තිරයේ දකුණු හෝ වම් දාරයේ සිට ස්වයිප් කරන්න. ඔබගේ දුරකථනය ඔබගේ තිරය අගුලු දැමූ අවසන් වතාවේ සිට ඔබ පිවිසි සියලුම යෙදුම් සහ වෙබ් අඩවි මතකයේ තබා ගනියි. යතුරු සමගින් යාත්‍රණය කරන්න
යාත්‍රණ යතුරු සක්‍රීය කිරීමට, සැකසුම් > පද්ධතිය > අභින > පද්ධති යාත්‍රණය > බොත්තම්-3 යාත්‍රණය තට්ටු කරන්න.
ඔබේ සියලුම යෙදුම් බැලීමට, තිරයේ පතුලේ සිට ඉහළට ස්වයිප් කරන්න. මුල් තිරය වෙත යාමට, circle තට්ටු කරන්න. ඔබ රැඳී සිටි යෙදුම පසුබිමෙහි විවෘතව තිබේ. ඔබ විවෘත කර තිබෙන යෙදුම් බැලීමට, stop තට්ටු කරන්න. වෙනත් විවෘත යෙදුමකට මාරු වීමට, දකුණට ස්වයිප් කර යෙදුම තට්ටු කරන්න. සියලුම විවෘත යෙදුම් වැසීමට, සියලුම යෙදුම් දකුණට ස්වයිප් කර සියල්ල හිස් කරන්න තට්ටු කරන්න. ඔබ කලින් සිටි තිරය වෙත ආපසු යාමට, තට්ටු කරන්න. ඔබගේ දුරකථනය ඔබගේ තිරය අගුලු දැමූ අවසන් වතාවේ සිට ඔබ පිවිසි සියලුම යෙදුම් සහ වෙබ් අඩවි මතකයේ තබා ගනියි.