මෙම සරළ මාර්ගෝපදේශ කියවන්න. ඒවා අනුගමනය නොකිරීම භයානක හෝ දේශීය නීති සහ රෙගුලාසිවලට එරෙහි විය හැකිය. වැඩිදුර තොරතුරු සඳහා, සම්පුර්ණ භාවිත අත් පොත කියවන්න.
ජංගම උපාංග භාවිතයට අවසර නොමැති විට හෝ එයින් බාධා කිරීම හෝ අනතුර ඇති විය හැකි විට, නිදසුනක් ලෙස, ගුවන් යානයක, රෝහල්වල හෝ වෛද්‍ය උපකරණයක්, ඉන්ධන, රසායනික ද්‍රව්‍ය හෝ පිපිරුම් ප්‍රදේශයක් අසලදී උපාංගය අක්‍රිය කරන්න. සීමා කළ ප්‍රදේශ සඳහා වන සියළු උපදෙස් වලට අවනත වන්න.
සියළුම දේශීය නීතිවලට අවනත වන්න. රිය පැදවීමේදී වාහනය හැසිරවීම සඳහා සැම විටම ඔබේ දෑත නිදහස්ව තබා ගන්න. වාහනය පදවන අතර ඔබේ මූලික සැලකිල්ල යොමු විය යුත්තේ මාර්ග ආරක්ෂාව කෙරෙහිය.
සියළු රැහැන් රහිත උපාංග කාර්ය සාධනයට බලපෑ හැකි බාධා වීමට නැඹුරුතාවක් දැක්විය හැකිය.
මෙම නිෂ්පාදනය ස්ථාපනය හෝ අළුත්වැඩියා කළ යුත්තේ බලයලත් පුද්ගලයන් පමණි.
HMD Global Oy විසින් මෙම උපාංගය සමඟ භාවිතා කිරීම සඳහා අනුමත කර ඇති බැටරි, ආරෝපක සහ වෙනත් අමතර කොටස් පමණක් භාවිතා කරන්න. නොසැසඳෙන නිෂ්පාදන සම්බන්ධ නොකරන්න.
ඔබගේ උපාංගය ජල ප්‍රතිරෝධී නම්, තවත් විස්තරාත්මක මාර්ගෝපදේශනය සඳහා උපාංගයේ තාක්‍ෂණික පිරිවිතර තුළ එහි IP ශ්‍රේණිගත කිරීම බලන්න.
උපාංගය සහ/හෝ එහි තිරය වීදුරුවලින් සාදා ඇත. උපාංගය ඝන පෘෂ්ටයක් මත වැටෙන්නේ නම් හෝ ප්‍රමාණවත් ඝට්ටනයක් ලබන්නේ නම් මෙම වීදුරුව කැඩිය හැක. වීදුරුව කැඩෙන්නේ නම්, උපාංගයේ වීදුරු කොටස් නොඅල්ලන්න, නැතහොත් ඔබේ උපාංගයෙන් කැඩුණු වීදුරුව ඉවත් කිරීමට උත්සාහ නොකරන්න. බලයලත් සේවා පුද්ගලයෙකු විසින් වීදුරුව ප්‍රතිස්ථාපනය කරන තෙක් උපාංගය භාවිතය නවත්වන්න.
ශ්‍රවණාබාධ ඇතිවීම වළක්වා ගැනීමට, උපරිම ශබ්ද මට්ටම් වලින් දිගු කලක් සවන් නොදෙන්න. ශබ්දවාහිනිය භාවිතා වන අතරතුර උපාංගය ඔබේ කන අසළින් තබා ගැනීමේදී ආරක්ෂණ ක්‍රම අනුගමනය කරන්න.
Before starting chat with our customer support, please leave your contact details. Contact our chat support for online purchases support, product information, warranty support.
Start chatPrefer to bring your device in for our experts to have a look at? Find the location of your nearest Nokia & HMD phones, tablets and accessories care center.
Find a care center near you