Nokia T21 user guide

Skip to main content
All Devices

Nokia T21

බැටරිය සහ අරෝපකය පිළිබඳ විස්තර

බැටරි සහ ආරෝපක තොරතුරු

ඔබේ ටැබ්ලටයේ ඇත්තේ ඉවත් කළ හැකි බැටරියද ඉවත් කළ නොහැකි බැටරිය ද යන්න පරීක්‍ෂා කිරීමට, පටන් ගන්න යන මාර්ගෝපදේශය බලන්න.

ඉවත් කළ හැකි බැටරියක් ඇති උපාංග ඔබගේ උපාංගය මුල් නැවත චාජ් කළ හැකි බැටරියක් සමඟ පමණක් භාවිත කරන්න. බැටරියක් වාර සිය ගණනක් ආරෝපණය කිරීමට හා බැසීමට හැකි නමුත් අවසාන වශයෙන් එහි ක්‍රියාක්මක භාවය අඩු වෙයි. උපස්ථ කාලය සාමාන්‍යයට වඩා සැලකිය යුතු තරම් කෙටි වූ විට, බැටරිය මාරු කරන්න.

ඉවත් කළ නොහැකි බැටරියක් සහිත උපාංග උපාංගයට හානි පැමිණිය හැකි බැවින්, උපාංගයෙන් බැටරිය ඉවත් කිරීමට උත්සාහ නොකරන්න. බැටරියක් වාර සිය ගණනක් ආරෝපණය කිරීමට හා බැසීමට හැකි නමුත් අවසාන වශයෙන් එහි ක්‍රියාක්මක භාවය අඩු වෙයි. උපස්ථ කාලය සාමාන්‍යයට වඩා සැලකිය යුතු තරම් කෙටි වූ විට, බැටරිය මාරු කිරීමට උපාංගය ළඟ ම ඇති බලය ලත් සේවා පහසුකම වෙත ගෙන යන්න.

ඔබගේ උපාංගය අනුකූල ආරෝපකයකින් ආරෝපණ කරන්න. ආරෝපක පේනු ආකාරය වෙනස් විය හැක. උපාංගයේ හැකියාව අනුව ආරෝපණ කාලය වෙනස් විය හැක.

බැටරිය සහ ආරෝපක ආරක්ෂණ තොරතුරු

ඔබගේ උපාංගය ආරෝපණය සම්පූර්ණ වූ පසු, ආරෝපකය උපාංගයෙන් සහ විද්‍යුත් පිටමුවෙන් ගලවා ඉවත් කරන්න. අඛණ්ඩ ආරෝපණය පැය 12 නො ඉක්මවිය යුතු බව කරුණාවෙන් සලකන්න. භාවිත නොකර පැවතියේ නම්, සම්පූර්ණයෙන්ම ආරෝපිත බැටරියක ආරෝපණය කාලයත් සමග නැතිවනු ඇත.

අධික උෂ්ණත්ව බැටරියේ ධාරිතාව හා ජීවිත කාලය අඩු කරයි. ප්‍රශස්ත කාර්ය සාධනය සඳහා සෑම විටකම බැටරිය 15°C සහ 25°C (59°F සහ 77°F) අතර තබාගන්න. උණුසුම් හෝ සිසිල් බැටරියක් සහිත උපකරණයක් තාවකාලිකව ක්‍රියා නොකරනු ඇත. බැටරිය සිසිල් උෂ්ණත්ව තුළ ඉක්මනින් බැසිය හැකි බවත් විනාඩි කිහිපයක් තුළ වසා දැමීමට සෑහෙන තරම් බලය නැති වන බවත් සලකන්න. ඔබ සිසිල් උෂ්ණත්ව තුළ එළිමහනේ සිටින විට, ඔබේ උපාංගය උණුසුම්ව තබා ගන්න.

දේශීය නියාමන පිළිපදින්න. හැකි විට ප්‍රතිචක්‍රීය කරන්න. ගෘහ අපද්‍රව්‍ය ලෙස බැහැර නොකරන්න.

එමගින් බැටරිය පුපුරා යාමට හෝ දැවෙන සුළු ද්‍රව හෝ වායුව කාන්දු වීමට ඉඩ ඇති බැවින් බැටරිය අතිශය අඩු වායු පීඩනයකට නිරාවරණය කිරිම හෝ එය ඉතා අධික උෂ්ණත්වයකට ලක් කිරීම, උදාහරණයක් ලෙස එය ගින්නකට දැමීම නොකරන්න.

කිසිදු ආකාරයකින් බැටරියක කැබලි වෙන් කිරීම, කැපීම, ‍ඇඹරීම, නැවීම, සිදුරු කිරීම, එසේ නැතහොත් හානි කිරීම සිදු නොකරන්න. බැටරියක් කාන්දු වේ නම්, ද්‍රාවණයට සම හෝ ඇස් මත ස්පර්ශ වීමට ඉඩ නොදෙන්න. මෙසේ සිදු වුවහොත්, ආසාදිත ප්‍රදේශ වහාම ජලයෙන් සෝදන්න, හෝ වෛද්‍යාධාර ලබා දෙන්න. බැටරිය නවීකරණය කිරීම, ඇතුළට බාහිර ද්‍රව්‍ය ඇතුල් කිරීමට උත්සාහ කිරීම, හෝ එය ජලයෙහි හෝ වෙනත් ද්‍රාවණයක ගිල්වීම හෝ නිරාවරණය කිරීම නොකරන්න. හානි වුවහොත් බැටරි පිපිරිය හැකිය.

බැටරිය සහ ආරෝපකය ඒවායින් අපේක්ෂිත කාර්යයන් සඳහා පමණක්ම භාවිත කරන්න. අනිසි ලෙස භාවිතා කිරීම, අනුමත නොකළ හෝ අනුකූල නොවන බැටරි හෝ ආරෝපක භාවිතා කිරීමෙන් ගින්න, පිපිරීම, හෝ වෙනත් ආකාරයක ව්‍යවසනයක් ඇති වීමේ අවදානමක් තිබෙන අතර, ඉන් කිසියම් අනුමත කිරීමක් හෝ වගකීමේ සහතිකයක් ‍අවලංගු විය හැකිය. ඔබ බැටරියට හෝ ආරෝපකයට හානි වී ඇති බව විශ්වාස කරන්නේ නම්, එය දිගට ම භාවිත කිරීමට පෙර එය සේවා මධ්‍යස්ථනයකට හෝ ඔබේ උපාංග විකුණුම්කරු වෙත ගෙන යන්න. කිසි විටකත් හානි සිදු වී ඇති බැටරියක් හෝ ආරෝපකයක් භාවිත නොකරන්න. ආරෝපකය ගෘහස්තව පමණක් භාවිත කරන්න. අකුණු කුණාටුවක් අතරතුර කිසිවිටෙක ඔබගේ උපාංගය ආරෝපණය නොකරන්න. අලෙවිකරණ ඇසුරුමේ ආරෝපකය අඩංගු නොවන විට, දත්ත රැහැන (ඇතුළත් වේ) සහ USB බලය ඇඩැප්ටරය (වෙනම අලෙවි කිරීමට ඉඩ ඇත) සමගින් ඔබගේ උපාංගය ආරෝපණය කරන්න. ඔබට USB 2.0 හෝ ඉන්පසු ඒවාට සහ අදාළ රටේ රෙගුලාසි සහ අන්තර්ජාතික සහ කලාපීය ආරක්ෂක ප්‍රමිති සමග අනුකූල තෙවන පාර්ශ්ව රැහැන් සහ බල ඇඩැප්ටර් මගින් ඔබගේ උපාංගය ආරෝපණය කළ හැකිය. වෙනත් ඇඩැප්ටර් අදාළ ආරක්ෂක ප්‍රමිති සංතෘප්ත නොකිරීමට ඉඩ ඇති අතර, එවැනි ඇඩැප්ටර් මගින් ආරෝපණය කිරීම දේපළ අහිමිවීමේ හෝ පුද්ගල තුවාල ඇතිවීමේ අවදානමක් ඇතිකිරීමට ඉඩ ඇත.

ආරෝපකයක් හෝ අමතර කොටසක් පේනුවෙන් ඉවත් කිරීමට පේනුවෙන් අල්ලා අදින්න, රැහැනෙන් නොඅදින්න.

අතිරේක වශයෙන්, ඔබගේ උපාංගයේ ඉවත් කළ හැකි බැටරියක් තිබේ නම්, පහත සඳහන් දෑ අදාළ වේ:

  • සැම විට බැටරිය ඉවත් කිරීමට පෙර උපාංගය ක්‍රියා විරහිත කර ආරෝපයක පේනු ඉවත් කරන්න.
  • බැටරියේ ලෝහ පටිති ලෝහ කැබැල්ලක ස්පර්ශ වන විට හදිසි ලුහුවත්වීම් ඇති විය හැකිය. මෙය බැටරිය හෝ අනෙකුත් වස්තුවට හානි සිදුකළ හැකිය.
Did you find this helpful?
  • Keys and parts
  • Insert the SIM and memory cards
  • ඔබේ ටැබ්ලටය ආරෝපණ කරන්න
  • ඔබේ ටැබ්ලටය සක්‍රීය කර සකසන්න
  • ඔබේ ටැබ්ලටය අගුලු දමන්න හෝ අගුලු හරින්න
  • Use the touch screen
නිෂ්පාදන සහ ආරක්ෂණ තොරතුරු

Useful Links

PDFSoftware UpdatesFull SpecificationsEnvironmental Profile

Countries and Languages

As we offer product user guides in many languages across different regions, you may be redirected to a Nokia phones web page outside of your selected location.

Countries and Languages

Choose Language

Contact the support team

Chat with us

Before starting chat with our customer support, please leave your contact details. Contact our chat support for online purchases support, product information, warranty support.

Start chat

Chat with us

Before starting chat with our customer support, please leave your contact details. Contact our chat support for online purchases support, product information, warranty support.

Fields marked with an asterisk are mandatory.

Your personal data will be processed according to HMD Global’s Privacy Policy and the HMD Support Supplement.

Email us

Tell us about your problem and we'll get back to you via email.

Contact us

Care centers

Prefer to bring your device in for our experts to have a look at? Find the location of your nearest Nokia & HMD phones, tablets and accessories care center.

Find a care center near you