Nokia 6.1 පරිශීලක මාර්ගෝපදේශය

Skip to main content
All Devices

Nokia 6.1

Bluetooth®

ඔබට රැහැන් රහිතව දුරකථන, පරිගණක, හෙඩ්සෙට් සහ කාර් කට්ටල වැනි අනෙකුත් අනුකූල උපාංග කරා සම්බන්‍ධ විය හැකිය. ඔබට ඔබගේ ඡායාරූප අනුකූල දුරකථන හෝ ඔබගේ පරිගණකය කරා යැවීමට ද හැකිය.

Bluetooth අමතර උපාංගයක් කරා සම්බන්ධ කරන්න

ඔබට ඔබගේ දුරකථනය බොහෝ ප්‍රයෝජනවත් Bluetooth උපාංග සමග සම්බන්ධ කළ හැකිය. උදාහරණ ලෙසට, රැහැන් රහිත හෙඩ්සෙට් එකක් (වෙනම විකුණනු ලැබේ) සමගින්, ඔබට දුරකථනයෙන් අත නිදහස්ව කතා කළ හැකිය – ඔබට ඇමතුමක් අතරතුර, ඔබගේ පරිගණකයේ වැඩකිරීම, වැනි ඔබ කරන කුමක් වුවද අඛණ්ඩව කරගෙන යා හැකිය. Bluetooth උපාංගයක් සමඟින් දුරකථනයක් සම්බන්‍ධ කිරීම යුගලනය නමින් හැඳින් වේ.

  1. පසුතල > සම්බන්ධිත උපාංග > Bluetooth තට්ටු කරන්න.
  2. Bluetoothසක්‍රීය වෙත මාරු කරන්න.
  3. අනෙක් උපාංගය සක්‍රීය කර ඇති බවට නිසැක වන්න. ඔබ අනෙකුත් උපාංගයේ සිට යුගල කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීම අවශ්‍ය විය හැක. විස්තර සඳහා, අනෙකුත් උපාංගය සඳහා වන පරිශීලක මඟපෙන්වීම බලන්න.
  4. ඔබේ දුරකථනය සහ උපාංගය යුගල කිරීමට, සොයා ගනු ලැබූ Bluetooth උපාංග ලැයිස්තුව මත උපාංගයට තට්ටු කරන්න.
  5. ඔබ මුරකේතයක් ටයිප් කිරීම අවශ්‍ය විය හැක. විස්තර සඳහා, අනෙකුත් උපාංගය සඳහා වන පරිශීලක මඟපෙන්වීම බලන්න.

Bluetooth රැහැන් රහිත තාක්‍ෂණය සහිත උපාංග රේඩියෝ තරංග භාවිත කොට සන්නිවේදන කරන බැවින්, ඒවා සෘජුවම එකින් එක දෙසට තිබීම අවශ්‍ය නොවේ. කෙසේ වෙතත්, සම්බන්ධතාව බිත්ති හෝ අනෙකුත් ඉලෙක්ට්‍රොනික උපාංගවලින් වැනි බාධකවලින් ඇති වන බාධාවට යටත්වීමට ඉඩ ඇති නමුත්, Bluetooth උපාංග එකිනෙකේ සිට මීටර 10ක් (අඩි 33ක්) තුළ තිබිය යුතුය.

Bluetooth සක්‍රීය කර ඇති විට යුගලනය කළ උපාංගවලට ඔබගේ දුරකථනය හා සම්බන්ධ විය හැකිවේ. Bluetooth පසුතල දැක්ම විවෘත විට පමණක් අනෙකුත් උපාංගවලට ඔබගේ දුරකථනය අනාවරණය කළ හැකිවේ.

නොදන්නා උපාංගයක් වෙතින් ලැබෙන Bluetooth සම්බන්ධතා ඉල්ලීම් සමග යුගලනය කිරීම හෝ පිළිගැනීම නොකරන්න. මෙය ඔබගේ දුරකථනය හානිකර අන්තර්ගතවලින් ආරක්ෂා කරගැනීමට උපකාරී වෙයි.

යුගලනයක් ඉවත් කරන්න

ඔබ ඔබගේ දුරකතථය සමඟ යුගලන කළ උපාංගය තවදුරටත් නොපවතියි නම්, ඔබට යුගලනය ඉවත් කළ හැකි වේ.

  1. පසුතල > සම්බන්‍ධිත උපාංග > Bluetooth තට්ටු කරන්න.
  2. උපාංග නමකට එහායින් ඇති settings තට්ටු කරන්න.
  3. අමතක කරන්න තට්ටු කරන්න.

Bluetooth සමගින් ඔබගේ මිතුරාගේ දුරකථනයට සම්බන්ධ වන්න.

ඔබට රැහැන් රහිතව ඔබගේ මිතුරාගේ දුරකථනයට සම්බන්‍ධ වීමට, ඡායාරූප බෙදා ගැනීමට, සහ තවත් බොහෝ දේ සඳහා Bluetooth භාවිත කළ හැක.

  1. පසුතල > සම්බන්‍ධිත උපාංග > Bluetooth තට්ටු කරන්න.
  2. දුරකථන දෙකම තුළ Bluetooth සක්‍රීය කර ඇති බවට නිසැක වන්න.
  3. දුරකථන එකිනෙකට දෘශ්‍යමාන වන බවට නිසැක වන්න. ඔබේ දුරකථනය අනෙකුත් දුරකථනවලට දෘශ්‍යමාන වීම සඳහා ඔබ Bluetooth පසුතල පෙනුම තුළ සිටීම අවශ්‍ය වේ.
  4. ඔබට පරාසය ඇතුළත Bluetooth දුරකථන දැකිය හැකිවේ. ඔබට සම්බන්ධ කිරීමට අවශ්‍ය දුරකථනය තට්ටු කරන්න.
  5. අනෙක් දුරකථනයට මුරකේතයක් අවශ්‍ය කෙරේ නම්, මුරකේතය ටයිප් කිරීම හෝ පිළිගැනීම කරන්න, සහ යුගලනය කරන්න තට්ටු කරන්න.

මුරකේතය භාවිත කරනුයේ ඔබ යමකට පළමු වරට සම්බන්ධ වනවිට පමණි.

Bluetooth භාවිත කරමින් ඔබගේ අන්තර්ගතය යවන්න

ඔබට ඔබගේ මිතුරෙකු සමගින් අන්තර්ගතය බෙදාහදාගැනීමට සහ ඔබ ගන්නා ලද ඡායාරූප යැවීමට අවශ්‍ය කරන විට, ඒවා අනුකූල උපාංග කරා යැවීමට Bluetooth භාවිත කරන්න.

ඔබට වරකට එක් Bluetooth සම්බන්ධතාවකට වඩා භාවිත කළ හැකිවේ. උදාහරණ ලෙසට, Bluetooth හෙඩ්සෙට් එකක් භාවිත කරන අතරතුර, ඔබට තවත් උපාංගයක් වෙත දේවල් යැවීමට ද හැකි වේ.

  1. පසුතල > සම්බන්‍ධිත උපාංග > Bluetooth තට්ටු කරන්න.
  2. Bluetoothසක්‍රීය වෙත මාරු කරන්න.
  3. ඔබට යැවීමට අවශ්‍ය අන්තර්ගතය කරා ගොස්, share > Bluetooth තට්ටු කරන්න.
  4. සම්බන්ධ කිරීමට උපාංගය තට්ටු කරන්න. ඔබට පරාසය ඇතුළත ඇති Bluetooth උපාංග දැකිය හැකිවේ.
  5. අනෙක් උපාංගයට මුරකේතයක් අවශ්‍ය කෙරේ නම්, මුරකේතය ටයිප් කරන්න. ඔබට සෑදිය හැකි මුරකේතය, උපාංග දෙක මතම ටයිප් කළ යුතුවේ. ඇතැම් උපාංග තුළ මුරකේතය සකස් කර ඇත. විස්තර සඳහා, අනෙක් උපාංගයේ පරිශීලක මාර්ගෝපදේශය බලන්න.

ලැබූ ගොනුවල පිහිටීම අනෙකුත් උපාංගය මත රඳා පවතියි. විස්තර සඳහා, අනෙකුත් උපාංගය සඳහා වන පරිශීලක මඟපෙන්වීම බලන්න.

Did you find this helpful?
අන්තර්ජාලය සහ සම්බන්ධතා
  • Wi-Fi සක්‍රීයකරණය කරන්න
  • ජංගම දත්ත සම්බන්ධතාවක් භාවිත කරන්න
  • වෙබ් පිරික්සන්න
  • සම්බන්ධතාවක් වසන්න
  • Bluetooth®
  • NFC
  • VPN

Useful Links

PDFSoftware UpdatesEnvironmental Profile

Countries and Languages

As we offer product user guides in many languages across different regions, you may be redirected to a Nokia phones web page outside of your selected location.

Countries and Languages

Choose Language

Contact the support team

Chat with us

Before starting chat with our customer support, please leave your contact details. Contact our chat support for online purchases support, product information, warranty support.

Start chat

Chat with us

Before starting chat with our customer support, please leave your contact details. Contact our chat support for online purchases support, product information, warranty support.

Fields marked with an asterisk are mandatory.

Your personal data will be processed according to HMD Global’s Privacy Policy and the HMD Support Supplement.

Email us

Tell us about your problem and we'll get back to you via email.

Contact us

Care centers

Prefer to bring your device in for our experts to have a look at? Find the location of your nearest Nokia & HMD phones, tablets and accessories care center.

Find a care center near you