Nokia 6.1 පරිශීලක මාර්ගෝපදේශය

Skip to main content
All Devices

Nokia 6.1

පෙළ ලියන්න

ඔබගේ දුරකථනයේ යතුරු පුවරුව භාවිත කරමින් ක්ෂණිකව සහ ඵලදායී ලෙස පෙළ ලියන ආකාරය හදාරන්න.

තිරය මත යුතුරු පුවරුව භාවිත කරන්න

තිරය මත යුතුරු පුවරුව සමගින් ලිවීම පහසුය. ඔබගේ දුරකථනය සිතුවම් හෝ භූ දසුන් ප්‍රකාරවල අල්ලා සිටින විටත් ඔබට යතුරු පුවරුව භාවිත කිරීමට හැකිය. යතුරු පුවරු පිරිසැලසුම වෙනස් යෙදුම් සහ භාෂා වලදී විවිධ විය හැකිය.

තිරය මත යතුරු පුවරුව විවෘත කිරීමට පෙළ කොටුවක් මත තට්ටු කරන්න.

ඉහළ සහ පහළ දරනයේ අනුලකුණු අතර මාරුවන්න

shift යතුර තට්ටු කරන්න. caps lock ප්‍රකාරය සක්‍රීය කිරීමට, යතුර දෙවරක් තට්ටු කරන්න. සාමාන්‍ය ප්‍රකාරයට යළි පැමිණීමට, shift යතුර නැවතත් තට්ටු කරන්න.

අංකයක් හෝ විශේෂ අනුලකුණක් ටයිප් කරන්න

අංක සහ සංකේත යතුරු තට්ටු කරන්න. ඇතැම් විශේෂ අනුලකුණු යතුරු තවත් සංකේත ගෙන එයි. වැඩිමනත් සංකේත බැලීමට, සංකේතයක් හෝ විශේෂ අනුලකුණක් තට්ටු කර අල්ලා සිටින්න.

ඉමෝජි ඇතුළත් කරන්න

ඉමෝජි යතුර තට්ටු කර, ඉමෝජිය තෝරන්න.

පෙළ පිටපත් කරන්න හෝ අලවන්න

වචනයක් තට්ටු කර අල්ලා සිටින්න, ඔබට පිටපත් කිරීමට අවශ්‍ය කොටස උද්දීප්ත කිරීමට වචනයට පෙර සහ පසු සලකුණු ඇදගෙන අවුත්, පිටපත් කරන්න තට්ටු කරන්න. පෙළ ඇලවීම සඳහා, ඔබට පෙළ ඇලවීමට අවශ්‍ය තැන තට්ටු කර අලවන්න තෝරන්න.

අනුලකුණකට ස්වරණයක් එක් කරන්න

ඔබගේ යතුරුපුවරුව සහාය දක්වයි නම්, අනුලකුණ තට්ටු කර අල්ලා සිටිමින්, ස්වරණය හෝ ස්වරිත අනුලකුණ තට්ටු කරන්න.

අනුලකුණක් මකා දමන්න

backspace යතුර තට්ටු කරන්න.

කර්සරය විතැන් කරන්න

ඔබ මේ දැන් ලියූ වචනයක් සංස්කරණය කිරීමට, වචනය තට්ටු කරන්න, ඔබට අවශ්‍ය තැනට කර්සරය ඇදගෙන එන්න.

යතුරුපුවරු වචන යෝජනා භාවිත කරන්න

ඔබට ක්ෂණිකව සහ වඩාත් නිවැරදිව ලිවීමට උපකාර පිණිස, ඔබ ලියන විට ඔබගේ දුරකථනය වචන යෝජනා කරයි. වචන යෝජනා සියලුම භාෂාවලින් ලද නොහැකි විය හැකිය.

ඔබ වචනයක් ලිවීම ආරම්භ කරන විට, ඔබගේ දුරකථනය විය හැකි වචන යෝජනා කරයි. ඔබට අවශ්‍ය වචනය යෝජනා තීරය තුළ පෙන්වන විට, වචනය තෝරන්න. වැඩිමනත් යෝජනා බැලීමට, යෝජනාව තට්ටු කර අල්ලා සිටින්න.

ඉඟිය: යෝජිත වචනය තද අකුරින් සලකුණු කර ඇති විට, ඔබගේ දුරකථනය ස්වයංක්‍රීයව ඔබ ලියූ වචනය වෙනුවට ප්‍රතිස්ථාපන කිරීමට එය භාවිත කරයි. වචනය වැරදි නම්, තවත් යෝජනා කිහිපයක් බැලීමට, එය තට්ටු කර අල්ලා සිටින්න.

ටයිප් කරන විට යතුරු පුවරුව විසින් වචන යෝජනා කිරීම ඔබට අවශ්‍ය නොවේ නම්, පාඨ නිවැරදි කිරීම් අක්‍රිය කරන්න. පසුතල > පද්ධතිය > භාෂා සහ ආදානය > අතථ්‍ය යතුරු පුවරුව තට්ටු කරන්න. ඔබ සාමාන්‍යයෙන් භාවිත කරන යතුරු පුවරුව තෝරන්න. පෙළ නිවැරදි කිරීම තට්ටු කර ඔබට භාවිතා කිරීමට අවශ්‍ය නොවන පෙළ නිවැරදි කිරීමේ ක්‍රම අක්‍රීය කරන්න.

Did you find this helpful?
මූලිකාංග

Useful Links

PDFSoftware UpdatesEnvironmental Profile

Countries and Languages

As we offer product user guides in many languages across different regions, you may be redirected to a Nokia phones web page outside of your selected location.

Countries and Languages

Choose Language

Contact the support team

Chat with us

Before starting chat with our customer support, please leave your contact details. Contact our chat support for online purchases support, product information, warranty support.

Start chat

Chat with us

Before starting chat with our customer support, please leave your contact details. Contact our chat support for online purchases support, product information, warranty support.

Fields marked with an asterisk are mandatory.

Your personal data will be processed according to HMD Global’s Privacy Policy and the HMD Support Supplement.

Email us

Tell us about your problem and we'll get back to you via email.

Contact us

Care centers

Prefer to bring your device in for our experts to have a look at? Find the location of your nearest Nokia & HMD phones, tablets and accessories care center.

Find a care center near you