ඔබට රැහැන් රහිතව දුරකථන, පරිගණක, හෙඩ්සෙට් සහ කාර් කට්ටල වැනි අනෙකුත් අනුකූල උපාංග කරා සම්බන්‍ධ විය හැකිය. ඔබට ඔබගේ ඡායාරූප අනුකූල දුරකථන හෝ ඔබගේ පරිගණකය කරා යැවීමට ද හැකිය.
ඔබට ඔබගේ දුරකථනය බොහෝ ප්‍රයෝජනවත් Bluetooth උපාංග සමග සම්බන්ධ කළ හැකිය. උදාහරණ ලෙසට, රැහැන් රහිත හෙඩ්සෙට් එකක් (වෙනම විකුණනු ලැබේ) සමගින්, ඔබට දුරකථනයෙන් අත නිදහස්ව කතා කළ හැකිය – ඔබට ඇමතුමක් අතරතුර, ඔබගේ පරිගණකයේ වැඩකිරීම, වැනි ඔබ කරන කුමක් වුවද අඛණ්ඩව කරගෙන යා හැකිය. Bluetooth උපාංගයක් සමඟින් දුරකථනයක් සම්බන්‍ධ කිරීම යුගලනය නමින් හැඳින් වේ.
Bluetooth රැහැන් රහිත තාක්‍ෂණය සහිත උපාංග රේඩියෝ තරංග භාවිත කොට සන්නිවේදන කරන බැවින්, ඒවා සෘජුවම එකින් එක දෙසට තිබීම අවශ්‍ය නොවේ. කෙසේ වෙතත්, සම්බන්ධතාව බිත්ති හෝ අනෙකුත් ඉලෙක්ට්‍රොනික උපාංගවලින් වැනි බාධකවලින් ඇති වන බාධාවට යටත්වීමට ඉඩ ඇති නමුත්, Bluetooth උපාංග එකිනෙකේ සිට මීටර 10ක් (අඩි 33ක්) තුළ තිබිය යුතුය.
Bluetooth සක්‍රීය කර ඇති විට යුගලනය කළ උපාංගවලට ඔබගේ දුරකථනය හා සම්බන්ධ විය හැකිවේ. Bluetooth සැකසුම් දැක්ම විවෘත විට පමණක් අනෙකුත් උපාංගවලට ඔබගේ දුරකථනය අනාවරණය කළ හැකිවේ.
නොදන්නා උපාංගයක් වෙතින් ලැබෙන Bluetooth සම්බන්ධතා ඉල්ලීම් සමග යුගලනය කිරීම හෝ පිළිගැනීම නොකරන්න. මෙය ඔබගේ දුරකථනය හානිකර අන්තර්ගතවලින් ආරක්ෂා කරගැනීමට උපකාරී වෙයි.
ඔබට මිතුරෙකු සමගින් ඔබගේ ඡායාරූප හෝ අනෙකුත් අන්තර්ගතය බෙදාහදාගැනීමට අවශ්‍ය නම් Bluetooth භාවිත කර ඒවා ඔබගේ මිතුරාගේ දුරකථනයට යවන්න.
ඔබට වරකට එක් Bluetooth සම්බන්ධතාවකට වඩා භාවිත කළ හැකිවේ. උදාහරණ ලෙසට, Bluetooth හෙඩ්සෙට් එකක් භාවිත කරන අතරතුර, ඔබට තවත් දුරකථනයක් වෙත දේවල් යැවීමට ද හැකි වේ.
මුරකේතය භාවිත කරනුයේ ඔබ යමකට පළමු වරට සම්බන්ධ වනවිට පමණි.
ඔබ ඔබගේ දුරකතථය සමඟ යුගලන කළ උපාංගය තවදුරටත් නොපවතියි නම්, ඔබට යුගලනය ඉවත් කළ හැකි වේ.
Before starting chat with our customer support, please leave your contact details. Contact our chat support for online purchases support, product information, warranty support.
Start chatPrefer to bring your device in for our experts to have a look at? Find the location of your nearest Nokia & HMD phones, tablets and accessories care center.
Find a care center near you